Norto ආයතනය ආසන්නව තම සේවා ලබන්නන් 925,000කට email ඔස්සේ උපදෙස් දී ඇත්තේ හැකි ඉක්මනින් තම ආයතනයට සම්බන්ඳ Email හාPassword වෙනස් කරගන්නට කටයුතු කරන ලෙසයි. ඔවුන් පවසන්නේ තමන් විස්වාස කරන්නේ තෙවන පාර්ශවයක් main Norton account වල මෙන්ම Norton Password Managerවල අවසර පදයන් හා ඊමේල අත්පත් කර ගන්නට සමත්ව තිබෙන බවයි. Norton පැහැදිලි කරන්නේ 12 December සිට අස්වාභාවික ලෙසට logins උත්සාහයන් ප්‍රමානයක් දක්නට ලැබුන බවත් පසුව “unauthorised third party” විසින් dark web ඔස්සේ ලබා ගත් තොරතුරු හරහා ගිනුම් පරිහරනයට උත්සාහ කරමින් සිටින බව තහවුරු වූ බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ “quickly reset” එකක් ඔස්සේ ගිණුම් ආරක්ශාවට කටයුතු කලද පහර දෙන්නන් අතට පත්ව ඇති තොරතුරු ඔස්සේ ගිණුම් වලට පිවිසෙන්නට ඇති අවස්ථාව සලකා අදාල වන සියළුම ගිණුම් වල අවසර පද වෙනස් කිරීම වැදගත් වනු ඇති බවයි.
Pubudu Siriwansa