Microsoft පවසන්නේ දැනටමත් PC සදහා මෙහෙයුම් පද්ධතොයට සංයුත්තව පැමිනෙන ආරක්ශක මෘදුකාංගයට අමතරව Microsoft 365 subscribersලා සදහා standalone utility එකක් ලෙසට Microsoft Defender ස්වංක්‍රීයව ස්ථාපණය වන්නට නියමිත බවටයි පැහැදිලි කරන්නේ. මෙය Microsoft 365 apps සදහා වන සාමාන්‍ය යාවත්කාලීන සමගද පැමිනෙනු ඇති බවටද ඔවුන් පවසා සිටිනවා. මෙම වසරේ පෙබරවාරියේ සිට Microsoft 365 installer වලටද Microsoft Defender app සංයුත්ත කර ඇති අතර පවසන්නේ Microsoft Defender අත්‍යාවශ්‍ය මෘදුකාංගයක්ද නොවනු ඇති බවයි.
Pubudu Siriwansa