ChatGPT යනු OpenAI වලින් පැමිනෙන artificial intelligence හැකියාවෙන් යුත් conversational chatbot එකක් ලෙසට තේරුම් ගැනීම වඩාත් පහසු වනු ඇත. පසුගිය November නිකුත්වූ මෙය ලොවපුරා ප්‍රචලිත භවිතාවක් බවට වේගයෙන් පත්වෙමින් තිබේ. ඔබටත් ChatGPT අත්දැකීමක් සදහා chat.openai.com ඔස්සේ පිවිසෙන්නට හැකිවනු ඇත. Jordi Bruin පවසන්නේ MacGPT ලෙසට macOS සදහා වන app එකක් ද නිකුත්කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. මෙම MacGPT ඔස්සේ පහසුවෙන් ගා වේගයෙන් ChatGPT වල web browser interface වෙතට පිවිසෙන්නට හැකි වන අතර keyboard shortcut ඔස්සේද මෙම පහසුව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව Apple Watch සදහාද watchGPT නමින් app එකක් පැමින තිබෙනවා.තවමත් අත්හදා බලන මට්ටමේ ඇති මෙය ඉදිරි කාලයේ සාමාන්‍ය භාවිතාවට නිකුත්වන්නට නියමිතයි.
Pubudu Siriwansa