Lyft වෙතින් එන ebike නිමැවුම අධිතාක්ෂණික කරනයට කදිම පිලිතුරක ආරම්භය විය හැක. 2020 සිට ඇරබෙන ආයතනයක් ලෙසට තම electronic bike හඳුන්වාදීම සමග කථාබහට ලක්වෙමින් තිබෙන ආයතනයකි මෙය. 500-watt මෝටරයකින් පණ ලබන මෙහි සරල පෙනුම ‍රැක ගනිමින් ෆ්‍රේම් එක තුල මෙම අමතර පහසුකම් සගවන්නට සමත්ව තිබෙනවා. බැටරියේ එක් බල ගැන්වුමකින් සැතපුම් 60 ක භාවිතාවකට සූදානමක් කියවෙන මෙහි LED ring වැනි අමතර උපාංග සමග වැඩි අරක්ශාවක් සහතික කරනවා. LCD screen මෙන්ම speaker එකකින්ද භාවිතකරන්නාගේ පහසුව වැඩිදියුනු කරන මෙහි onboard sensors හරහා ආරක්ශිත සූදානමක් භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට සමත් බවටයි පවසන්නේ. මෙම වසර අවසානය වන විට වෙළඳ පොල වෙතට පැමිනෙන්නට සැලසුම් වන මෙහි අත්හදා බැලෙන මට්ටමේ සංස්කරනයක් එල බෙන සතිය වන විට මුදා හරින්නට එම ආයතනය කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa