Android recording app එකක් වන iRecorder නම් Screen Recorder ඇප එක AhMyth ආකාරයේ හානිකරයකින් ආසාධිත බවත් එය භාවිතාකරන්නන් ගේ තොරතුරු අවසරයකින් තොරව සයිබර් අපරාධකරුවන් වෙතට ලබා දෙන්නට කටයුතු කරන බවටත් වන මාතෘකාව යලිත් කථාබහට ලක් වෙමින් තිබෙනවා. මෙය September 2021 ප්‍රථමයෙන් නිකුත් වූ එකක් බවත් කියවෙන අතර නිකුතුවෙන් කෙටිකලක් ගත වෙත්ම ආසාධිත බවක් පෙන්වමින් භාවිතාකරන්නන්ගේ තොරතුරු සෑම විනඩි 15කට වරක්ම encrypted link එකක් ඔස්සේ අපරාධකරුවන් ගේ සර්වරයන් වෙතට යොමු කරන බවත් හඳුනා ගන්නා ලදී. ගැටළුවෙන් අනතුරුව 50,000 downloads ලබා ගෙන තිබූ මෙම ඇප් එක ගූගල් ඇප් ස්ටෝර්වෙන් ඉවත්කල මුත් තවමත් තෙවන පාර්ෂවල ස්ටෝර්වන් තුල පවතිමින් තිබෙන බවටයි අනතුරු ඇගවෙන්නේ.
Pubudu Siriwansa