Apple ආයතනය තම iPhone SE වල තෙවන සංස්කරනය නිකුත්කරනු ලැබුවේ මාස කිහිපයකට පෙරය. එසේම 2024′ දී SE වල හතරවන සංස්කරණය පිලිබඳවද කථා බහ ඇරබී තිබේ. එය 6.1-inch all-display design සමග iPhone XR වලට සමාන නිකුතුවක් වනු ඇති බවටත් Touch ID Home button වෙනුවට Face ID නැතිනම් Touch ID power button වලින් සමන්විතව පැමිනෙනු ඇති බවටත් අනාවැකි පලවෙමින් තිබුනා. කෙසේ වෙතත් මේ වන විට පලවන අදහස වන්නේ 2024 ට නියමිත iPhone SE සංස්කරණයේ නිකුතුව කල් යාමට හෝ සම්පූර්ණයෙන් නවතා දමන්නට එම ආයතනය කටයුතු කරණු ඇති බවයි. “iPhone SE 4” පිලිබඳව මෙසේ අදහස් පලකරන හදාරන්නෙකු යෝජනා කරන්නේ අධික වැය ඉදිරියේ සාර්ථක අළවියක් බලාපොරොත්තු විය නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුව වනු ඇති බවයි.
Pubudu Siriwansa