IBMද පවසන්නේ තම ශ්‍රම බලකායෙන් 1.5%ක් අවම කරන්නට තමන් කටයුතු කරන බවකි. ලොව පුරා නෙක තොරතුරු තාක්ෂණ ආයතනයන් අතර ‍රැල්ලක් ලෙසට පැතිරයමින් පවතින මෙම තත්වය ට අනූව IBM වෙතින් ඉවත්කරන්නට බලාපොරොත්තුවන පිරිස 3,900 ලෙසටයි ආසන්නව ගනනය වෙන්නේ. ආයතනයේ තීරනාත්මක කොටස් කිහිපයක් 2021 වන විට ආයතනයෙන් ඉවත් කෙරෙනු අතර ඉවත්ව යන්නන්හට දිරි දීමනා ලබදීම එවකට සිටම ආරම්භ වූ බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ වන විට Twitter, Meta, Microsoft, Amazon, Google, Spotify ආදී ආයතනයන් තම ශ්‍රමබලකාය අවම කරන්නට කටයුතු කරමින් සිටින අතර එයින් බොහෝ නව ආයතනයන් නිවේදනය කර සිටියේ “higher-growth” අංශ සදහා hire කරන්නට තමන් තීර්නය කර ඇති බවකි.
Pubudu Siriwansa