“HardBit” නම් ransomware වල නව සංස්කරණයක් පැමින තිබෙනවා. එම නව සංස්කරණය තුලදී ඉලක්ක වන පරිගණකයේ ගොනු encrypting කිරීමට අමතරව cybersecurity insurance details ඉල්ලාසිටීමක් සිදුවන බවටයි වාර්ථා වන්නේ.මෙම හානිකරය October 2022 වලදී මුලින්ම දක්නට ලැබුනු අතර November වලදී දෙවන සංස්කරණයක් ද දක්නට ලැබුනා. එපමනක් නොව පරිගණකයේ ආරක්ශාව දුර්වල කරන්නට එය කටයුතු කරන අතර එහිදී anti-spyware හැකියාව real-time behavioral monitoring හැකියාව, real-time on-access file protection හැකියාව, real-time process scanning හැකියාව ඇතුළු ආරක්ශාව තහවුරු කරන අංග රාශියක් නවතා දමන්නට කටයුතු කරන බවටයි වාර්ථා වන්නේ. වරක් encryption වීමෙන් අනතුරුව පැය 48ක් තුල පහර දෙන්නා සමග සම්බඳවීමට උපදෙස් දෙන බවත් කාලය සමග එය ඉහල නංවන්නටද ඔවුන් කටයුතු කරන බවටයි පැහැදිලි වෙන්නේ. හොඳින් offsite backups පවත්වා ගෙන යාමත් emails and attachments මෙන්ම සැකසහිත websites මග හැරීමත් මෙම හානියෙන් දුරස්ව සිටින්නට සහය වෙනු ඇති බවටයි උපදෙස් පලවන්නේ.
Pubudu Siriwansa