Web browser මෘදුකාංගය යනු නිරන්තර ඉලක්ක වන මෘදුකාංගයකි. හදාරන්නන් නිරන්තරයෙන් පවසන්නේ Malware නැතිනම් viruses පතුරවන්නන් සදහා මේ ඉතා සංවේධී භාවිතාවක් ගෙනෙන මෘදුකාංගය හොඳ අවස්ථාවක් වන බැවින් එය නිරන්තරයෙන් යාවත්කාලීනව හා අමතර ආරක්ශාවන් සංක්‍රියකර මෙන්ම අනවශ්‍ය මෘදුකාංග කොටස් උදාහරණයක් ලෙස Browser extensions, plug-ins, add-ons ආදිය ස්ථාපනය මෙන්ම පවත්වාගෙන යාමේදී සැලකිලිමත් වීම වැදගත් පියවරක් බවයි.
හදාරන්නන් පවසන්නේ Google Search ads ඔස්සේ හානිය එවීම පිලිබඳව මෑතකාලයේ දක්නට ලැබුනු තවත් ප්‍රවනතාවයක් බවයි. ප්‍රකට හා බහුල භාවිතාවක් ලබන වෙබ් අඩවි හා සමාන ව්‍යාජ වෙබ් අඩවි සකස් කර ඒවා හරහා මෙම හානිකර ඉලක්ක වෙතට එවන්නට ඔවුන් කටයුතු කරන අතර මෙම වෙබ් අඩවි වලට Google Search ads අවස්ථාව ලබා ගනිමින් පහසුවෙන් භාවිතාකරන්නන් නොමග යවන්නට ඔවුන් කටයුතු කර අවස්ථා බොහොමයක් බව පෙන්වා දේ. හදාරන්නන් උපදෙස් දෙන්නේ මෘදුකාංග බාගත කිරිමක් සදහා අදාල developer වෙබ් අඩවිය වෙත්ට පිවිසීම හොඳම භාවිතාව බවයි.
Pubudu Siriwansa