ඔබේ සෙවුම වඩාත් තියුනු ලෙස සපුරාලීම Google වල පලමු අභිප්‍රාය වනු ඇත. Google ආයතනය තම Lens ඔස්සේ භාවිතාකරන්නෙකුට තම සෙවීම තියුනු කරන්නට පහසුකම් සලසන්නට කටයුතු කරමින් සිටිනවා. උදාහරනයක් ලෙසට orange dress එකක green වර්ණයෙන් සොයන ඔබට දැන් orange dress එකක ඡයාරුවක් සමග text field වලදී ‘green’ වදන යෙදීමෙන් වඩාත් ඵලදායී ප්‍රතිපල වෙතට යා හැකි බව පැහැදිලි කරනවා. තවත් අතකින් Google පවසන්නේ dining set එකක් වන ඡායාරුවක් සමග coffee table” වදන දීමෙන් අවශ්‍ය table එක වෙතට යාමේ හැකියව පැහැදිලි කරනවා. එම ආයතනය වඩ වඩාත් artificial intelligence දියුනු කිරීම් ඔස්සේ තමන් වෙතින් බලාපොරොත්තුවන සෙවුම් ප්‍රථිපල දියුනු කරන්නට කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa