2013 දී Google Glass නිවේදනය වූවේ ජංගම දුරකථනය වෙතට ඌනනය වෙමින් ඇති දත්ත භාවිතාව දෑස් ඉදිරිපිටට වන කෙටිමගක් ලෙසට අර්ථදක්වමිනි. එසේමුත් 2015 වන විට එය අත්හැර දමන ලද ව්‍යාපෘතියක් ලෙසට නම් වූවේ අධික මිල ගනන් ඔස්සේ සාමාන්‍ය භාවිතාවට එතරම් ආකර්ශනීය නොවූ නිසා විය යුත්ය. අනතුරුව 2017 වන විට industries භාවිතව දෙසට එහි සංවර්ධන කටයුතු යොමුවූ අතර 2019 වන විට Enterprise Edition 2 ද නිකුත් කෙරිනි. මේ වන විට Google පවසන්නේ තම Google Glass වෙතට සහය දැක්වීම එලබෙන සැප්තැම්බරයේ අවසන් වන්නට නියමිත බවකි. එනම් නිල ලෙසට Google Glass ව්‍යාපෘතිය අවසන් වන්නට නියමිත බවකි. එසේ වුවද Google මෙන්ම තවත් ආයතනයන් ‍රැසක් AR glasses වෙතට වන අවධානය තවදුරටත් වනු ඇති බවට බලාපොරොත්තුව පල වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa