Microsoft සමාගම තම දීප්තිමත්ම හා එතරම් සාර්තකත්වයක් සටහන් නොකල මෙහෙයුම් පද්ධති දෙකක් සදහා සමුගැනීම් දීමට සූදානම් වෙමින් සිටිනවා. ඒ අනූව මෙම භාවිතාකරන්නන් හට ඉක්මනින්ම Windows 10 / Windows 11 වෙතට පැමිනෙන්නට සිදුවෙනු ඇත. එපමනක් නොව මෑතකදී නිකුත්වූ සංස්කරනයක් වන Google Chrome 108 ද පවසන්නේ ඉදිරි යාවත්කාලීන සදහා windows 10 හෝ ඉහල සංස්කරණයක් සදහා පිවිස තිබෙන්නට අවශ්‍ය වනු ඇති බවකි. හදාරන්නන්ද අවධාරණය කරන්නේ unsupported operating system / Browser සමග කටයුතු කිරීම වඩාත් අනතුරුදායක විය හැකි බවකි. එසේම මේ වන විට අනෙකුත් Chromium-based browsers නිකුත්කරන්නන්ද තම සහය නඩත්තුනොවන මෙහෙයුම් පද්ධති වලින් ඉවත්කර ගන්නට සලකා බලමින් සිටින බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa