හදාරන්නන් යෝජනා කරන්නේ Microsoft විසින් දශක දෙකක Google ආධිපත්‍ය විමසන්නට සමත්ව සිටින බවකි. නව වල හැඩය සාම්ප්‍රධායික සෙවුම් සංස්කෘතිය ඉක්මවන්නකි. වඩාත් සරල හා මිනිස් මිත්‍ර ආකාරයකට සෙවුම් යන්තරයක් සමග කටයුතු කරන්නට මෙන්ම, ලැබෙන ප්‍රථිපල සමන්විත කරවන්නට නව ප්‍රවනතා හොඳින්ම සමත්වෙමින් ඇත යන්න ඔවුන් බොහෝ දෙනෙකුගේ මතයයි. නව Edge බ්‍රවුසරය සමග නව AI-powered Bing සෙවුම් යන්ත්‍රය නව ආරම්භයක් ගෙනැවිත් ඇති බව පිලිගැනීමයි. සරල සෙවුම් ප්‍රථිපලයක සිට ‘conversation’ ආකාරයේ දිගු විසඳුමක් සැලසුමක් ගෙනෙන්නට එය වෙගයෙන් සූදානම් වෙමින් සිටී යන්න එම ආයතනයේ පැහැදිලි කිරීම වෙමින් ඇත. සමහර විටක ව්‍යාජ Google දැන්වීම් හා නොමග යැවීම් වලින් ක්‍රමයෙන් පිරෙමින් ඇති ගූගල් සෙවුම් යන්ත්‍රයේ දිදුලන සමය අවසන් වීමේ ආරම්භය මෙය විය හැක.
Pubudu Siriwansa