ඇමරිකානු Federal Communications Commission වෙති නිවේදනය වන්නේ Internet service providers (ISPs) විසින් තම සේවාවන් හා අදාල ගාස්තු පිලිබඳව point of sale වලදීම “nutrition labels” නැතිනම් තේරුම් ගන්නට පහසුම ආකාරයට ප්‍රදර්ශනය කිරීම අත්‍යාවශ්‍ය බවයි. පැහැදිලි කෙරෙන්නේ එම තොරතුරු අතර prices, speeds, fees, data allowances වැනි කාරනා විය යුතු බවයි. මෙම labels වල ප්‍රමිතිය පැහැදිලි කරන ඔවුන් standard, machine-readable වැනි දෑ පෙන්වා දෙන අතර multiple clicks නැතිනම් මගහැරෙන්නට මිත්‍ර ආකාරයේ ඒවා නොවිය යුතු බවටත් සරල භවිතාකරන්නෙකුට පහසුවෙන් ලගා වන්නට හැකි මට්ටමේ විය යුතු බවටත් පැහැදිලි කෙරෙනවා. FCC පවසන්නේ broadband service භාවිතාව සරල පහසු මෙන්ම විනිවිඳ ආකාරයෙන් භාවිතාකරන්නා වෙතට පැමිනෙන්නට කටයුතු සිදුවිය යුතු බවකි.
Pubudu Siriwansa