Meta පවසන්නේ Facebook වල දෛනික භාවිතාව බිලියන දෙකක් ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. මෙම ප්‍රකට සමාජජාලාව මියයමින් හෝ මියයන්නට නියමිත අවකාශයක් ලෙසට වන මතයට පිලිතුරු සපයමින් ඔවුන් පවසන්නේ තම Messenger හැකියාව වඩ වඩාත් Facebook සමග සංයුත්තව තිබිම භාවිතාකරන්නන් හට මහත් පහසුවක්ව ව්මින් තිබෙන බවයි. ඔවුන් පවසන්නේ Facebook භාවිතාකරන්නන් හට දෑ තම මිතුරන් සමග බෙදා හදා ගන්නට වන පහසුව ඔස්සේ වැඩි අවධානයක් ලබමින් ඇති බවත්, මෙම සංයුත්තබව අත්හදා බැලිමේ මට්ටමින් ඉදිරියට ගෙනෙන්නට තම බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ දෛනිකව 140 billion ක messages ඔබ මොබ චලනයක් දෛනිකව තමන් හට ගනනය වෙමින් තිබෙන බවයි. එසේම Instagram ගැන පවසන ඔවුන් පෙන්වා දෙන්නේ දෛනිකව බිලියන ගනනක භාවිතාවක් එය සටහන් කරමින් සිටින බවයි. මෙම වසරේ සැලසුම් ගැන ඔවුන් පවසන්නේ තම messaging services හැකියාවන් වඩ වඩාත් Facebook සමග සංයුත්ත කිරීම ඔස්සේ connecting හා sharing හැකියාව ඉහලට ගෙනෙන්නට තම කටයුතු කරන බවයි.
Pubudu Siriwansa