සාම්ප්‍රධායික Online භාවිතාවේදී email වලට හිමිවන්නේ ප්‍රමුක තැනකි. මුල්ම යුගවලදී අන්තර්ජාලය මතට බහුලව භාවිතා කරන්නන් කැදවන්නට email ප්‍රධාන හේතුවක් විය. අද වන විටත් එය ප්‍රමුක භාවිතාවක් වන්නේ තමත් අන්තර්ජාලය මත ඔබේ පෞද්ගලික අවකාශයේ පොඳු යතුර වන්නේ ඒවා නිසාය. එනම් පෞද්ගලික මට්ටමින්, ව්‍යාපාරික මට්ටමින් වැනි ඔනෑම ආකාරයකට ඔබ හා සම්බඳ වන්නට තොරතුරු හුවමාරු කරගන්නට අදටද පදනම වන්නේ emailය නිසාය.
මුල්ම යුයේ මෙම email සමග තිබූ බහුල ගැටලුවක් වූවේ අනවශ්‍ය කරදරකාරී ඊමේල ලැබීමට පටන් ගැනීමයි. හදාරන්නන් ඒ වන විට පවසා සිටියේ සමස්ථ අන්තර්ජාල භාවිතාවෙන් සැලකිය යුතු ප්‍රථිශතයක් මෙම අනවශ්‍ය ඊමේල් සදහා වැය වන බවකි. අද වන විට මෙම Spam emails ආකාරය සැහෙන පාලනයකට පැමින ඇත්තේ එක් අතකින් තාක්ෂණිකව Spam emails පාලනයට කටයුතු කර තිබීමත් බලහත්කාරී ඊමේල් භාවිතාකරන්නන්ගේ අවධානය සමාජ ජාලා වැනි ආකාර වලට වැඩියෙන් යොමුව තිබිමත් විය හැක.
එහෙත් හැක් වූ නැතිනම් අනවසර පිවිසුම් ඔස්සේ දූශිතවූ ඊමේල් ආකාරය තවමත් බහුල කරදරයක් බව පිලිගැනේ. මේ ආකාරය ඔස්සේ ඒවා ලබන්නන් වෙතට අනවශ්‍ය තොරතුරු, ව්‍යාජ තොරතුරු ලබා දීම, ලබන්නන්ගේ වැදගත් තොරතුරු ඩැහැගන්නට උත්සාහ කිරීම බහුලව දක්නට ලැබේ. මේවා සැලිකීමේදී අපට පිලිගන්නට වන්නේ ඊමේල් භාවිතයේදී සැලකිලි මත්වීම ඉතා වැදගත් බවය. විශේෂයෙන් හදාරන්නන් උපදෙස් දෙන්නේ අතිශය සමාන නමුත් එක් අකුරකින් පමනක් වෙනස් ඊමේල් ලිපිනයන් ඔස්සේ කරන ඉල්ලීම් සමග ඔබගේ බැංකු හෝ එවන් තිරනාත්මක තොරතුරු ඉල්ලා සිටීම වැනි ආකර බහුලව සිදුවන බවයි.
හදාරන්නන් හැම විටම උපදෙස් දෙන්නේ ඉමේලය ලැබෙන ඊමේල ලිපිනයන් වල වන සංකීර්න වෙනස්කම් ගැන කල්පනාකාරී වන ලෙසටයි.සමහර විට එක් අක්ෂරයකින් නැතිනම් සංකේතයකින් ඒවා නියම ආකාරයේ ඊමේල ලිපිනයෙන් වෙනස්ව තිබෙන්නට හැක. තවත් විටක ඊමේලයට අදාල ඩොමේනය නැතිනම් උදාහරනයක් ලෙසට .com වෙනුවට .online විය හැක. තවත් විටක email Conversation එකක් තබා ගැනීම වැදගත් විය හැක. තවත් විටකදී වගකිවයුතු අයතනයන් නිතරම දෙන උපදෙසක් වන්නේ තමන් කිසිදු විටක ගිණුම් වලට අදාල තොරතුරු ඊමේල් ඔස්සේ නොවිමසන බවය. මෑතදී තවත් වැදගත් වන භාවිතාවක් වන්නේ 2-Step Verification සදහා භාවිතාවන ඊමේල ගැන පහර දෙන්නන් අවධානයෙන් සිටීමයි.
Pubudu Siriwansa