Microsoft පවසන්නේ තම Edge VPN ( Canary ) වලදී මුලදී පවසා සිටි නොමිළේ ලබා දෙන Data ප්‍රමානය 15GB දක්වා ඉහල දමා ඇති බවයි. පසුගිය සැප්තැන්බරයේ මුලින්ම නිවේදනය වූ Cloudflare සමග ගෙනෙන මෙම හැකියාව දැනට Microsoft Edge වල Canary channel සමග වන අතර ක්‍රමානුකූලව භාවිතාකරන්නන් සදහා මුදා හරිමින් සිටින සේවාවකි. Edge Canar වල v110.0.1563.0 සංස්කරනයේදී මෙම සීමා දිගුව පැමින ඇති අතර Microsoft Account (MSA) එක හරහා මෙම Microsoft Edge Canary බාගත කරගන්නට හැකිවන අතර එහි settings වල Privacy, search, and services හරහා සංක්‍රියකරගන්නට හැකිවනු ඇත.තවමත් testing මට්ටමේ ඇති preview feature වන මෙයත් සමග ඔබට මුදල් ගෙවීමකින් තොරව ආරක්ෂිත වෙබ් සැරියක් ගෙනෙන්නට පොරොන්ඳු වෙමින් සිටී.
Pubudu Siriwansa