අද වන විට සාමාන්‍ය භාවිතාකරන්නෙකුට පවා password සැතිනම් අවසර පද ගැටළුවක් වී තිබේ. ඒවා සාර්ථක භාවිතාවක් වීමටනම් ඉල්ලා සිටින සංකීර්න බවත්, සංක්‍යවෙන් වැඩි වීමත් ඉදිරියේ මහත් අපහසුතාවයක් ගෙනෙනු දැකිය හැකිය. එම තත්වයට විසඳුමක් ලෙසට password managers භාවිතාවට පැමිනි අතර ඒවායේ වන නෙක දුර්වලකම් ඉදිරියේ සමහර විටක අනතුර වඩාත් පුළුල් වනු දැකිය හැකි විය. Google ආයතනය පසුගියදා පවසා සිටියේ තම Chrome 108 නිකුතුවේදී passkeys සමග සහයෙන් කටයුතු කරන්නට වන හැකියාව සංයුත්තවම පැමින ඇති බවයි. Passkeys නැවත නැවත සේවාවන්ස් අදහා යොදා ගන්නටත් බැරි බවත්, server breaches වලදී පහසුවෙන් බැහැරට නිරාවරනයට අපහසුවත්, phished හැකියාව ඉතා අඩුවීමත් මෙන්ම cross-platform compatible බවත් පෙන්වාදෙන Google ආයතනය අමතරව නෙක operating systems සමග මෙන්ම browsers සමග කටයුතු කිරීමේ හැකියාවද පෙන්වා දෙනවා. ආයතනය පවසන්නේ මාස කිහිපයක් තිස්සේ Chrome සමග කල අත්හදා බැලිම් වලින් අනතුරුව Android, macOS, Windows 11 සමග websites හා apps සමග කටයුතු කරන්නට සූදානම්ව එය පැමින තිබෙනවා. Chrome වලදී passkeys හැකියාව Google Password Manager සමග synced වී save වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් කියවෙන්නේ passkeys වලට සහය දක්වන website කට sign up වීමේදී passkey සදහා යෝජන වන අතර එය verify කිරීමෙන් අනතුරුව save වේ. පසුව Google Password Manager වල autofill සංක්‍රියව තිබෙනනම් password-based service එකකට පහසුවෙන් පිවිසෙන්නට සහය දෙනවා සේම වෙනත් device එකකින් sign in අවශ්‍යතාවයකදී පෙර කී passkey සහය ඇති phone එකෙන් QR code එකක් scan කිරීමෙන් authenticate හැකියාව ලබා දෙනු ඇත.
Pubudu Siriwansa