Apple ආයතනය Iphone 14 වල සිට US සදහා eSIM වලට පමනක් සීමා වෙන ලදී. හදාරන්නන් පෙන්වා දෙන්නේ 2024 වන විට Apple ආයතනය මෙම ප්‍රවනතාවය Asia වෙළඳ පොල වෙතට ද ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවයි. නව ප්‍රවනතාවය වෙළඳපොල, භාවිතාකරන්නා මෙන්ම උපාංගයවෙතට ගෙනෙන වාසීන් සැලකීමේදී ඉදිරියෙන් සිටිම මේ සදහා හොඳ හේතුවක් වනු ඇති බවටයි ඔවුන් යෝජනා කරන්නේ. විශේෂයෙන් Virtual Network Operator (MVNO) ඔස්සේ Apple ආයතනයටද තම වෙළඳ ආධිපත්‍ය තහවුරු කරගන්නටත්, අඩු ඉඩකඩ ඔස්සේ වඩාත් හුරුබුහුටි නිමාවක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් ගෙනෙන්නටත් එය සමත්වනු ඇති බවටයි බලාපොරොත්තුව පල වෙන්නේ.එපමනක් නොව සේවා සපයන්නන් අතර පහසු සුසර වීමකට ද මෙම eSIM භාවිතය සහයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa