ප්‍රථම වතාවට Apple විසින් Rapid Security Response update ආකාරයේ යාවත්කාලීනයක් නිකුත් කර ඇති බවට වාර්ථා වෙනවා. ඔවුන්ගේ iOS, iPadOS, macOS යන ප්‍රධාන මෙහෙයුම් පද්ධති තුනම ඉලක්ක වන ලෙසට නිකුත්ව ඇති මෙම යාවත්කාලීනය පෙරදී මෙන් සාමාන්‍ය OS updates වලට සංයුත්තව එවීමේදී වන ප්‍රමාදය වලකාලීම ඔවුන්ගේ අරමුන ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. විශේෂයෙන් zero-day bugs ආකාරයේ හානිකර ඉලක්ක වන පිලිසකර මින් ඉදිරියට OS update තෙක් ප්‍රමාද නොවන ලෙසට නිකුත්කරන්නට කටයුතු කරනු ඇති බවටයි නිවේදනය වන්නේ. දැනටමත් iOS 16.4.1, iPadOS 16.4.1, macOS 13.3.1 මට්ටමේ මෙහෙයුම් පද්ධති භාවිතාවන් හා ඉහල සංස්කරණ සදහා මෙම නිකුතුව අදාල වන අතර බොහෝ විට restart වීමකින් තොරව යාවත්කාලීන ක්‍රියාවලිය අවසන් කරන්න සූදානම් ලෙසට එනු ඇති බවටත් වැඩි දුරටත් පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa