Apple වෙතින් මෑතදී ඉදිරිපත් කර ඇති patent එකක් ඔස්සේ next-generation ආකාරයේ Apple Pencil එකක් ගැන තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මෙහිදී උපාංගය සමග එන built-in optical sensors එකක් ඔස්සේ colors සහ textures හඳුනා ගන්නට නැතිනම් capture හැකියාව සහිත වන බවටයි පැහැදිලි කරන්නේ. මෙම නව දියුනු කිරීම් සමග Apple Pencil එක note-taking මෙන්ම art creation හැකියාවෙන් ඉදිරියට ගොස් real-life objects වල colors / textures ‍රැස්කරගනිමින් වඩාත් inspiration සහයක් ගෙනෙන්නට සමත් වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ.හදාරන්නන් පෙන්වා දෙන්නේ ප්‍රකට “eyedropper” ස්වභාවයට වඩාත් සමීප හැකියාවක් මෙය ගෙනෙන බවයි. යෝජිත Apple Pencil වල වන appearance-related characteristics ‍රැස් කර ගැනීමේ හැකියාව තීවර කර ගැනීම සදහා customizable light spectrum සහයක්ද වන අතර අදාල තොරතුරු සම්බඳිත උපාංගය වෙතට wirelessly ආකාරයට transmitted සූදානමකින් එන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa