ඔබ කිසියම් සේවාවක් ලබන ආයතනයක් වෙතට දුරකථන ඇමතුමක් ගත් විට සමහර අවස්ථාවලදී ඉතා දීර්ග කාලයක් පිලිතුරක් සදහා ගන්නා බව මේ වන විට බහුල අත්දැකීමකි. එසේම සමහර විටක ඔබගේ ඇමතුම සදහා ස්වංක්‍රීය පිලිතුරක් ඔස්සේ සංකීර්න තොරාගැනීම් අවස්ථාවලට ‍රැගෙන යාමද ක්‍රමයෙන් බහුල වෙමින් ඇත්තකි. මේ තත්වයන් සමනය සදහා රජයන් විසින් පියවර ගැනීම මේ වන විට ලෝකයපුරා ඇති වෙමින් ඇති ප්‍රවනතාවයක් බව හදාරන්නන් පෙන්වා දෙමින් සිටිනවා. උදාහරණයකට Spain වලදී විශාල ආයතනයක්250 employees / €50m a year) තම සේවා දායකයෙකු සදහා සාධාරන වෙලාවකට වඩා දුරකථනය ඔස්සේ පිලිතුරක් සදහා රදවා තබා ගත හොත් €100,000 (£86,000) ක දඩුවමකට ලක්වීමේ ප්‍රවනතාවයක් නිර්මාණය වෙමින් තිබෙනවා. බ්‍රිතාන්‍යතුලද පාර්ලිමේතු මට්ටමින් මේ පිලිබඳව අවධානය ලැබෙමින් ඇති අතර විනාඩි 10 කට වඩා භාවිතාකරන්නෙකු සැබෑ මිනිස් පිලිතුරක් සදහා රදවා තබා ගන්නා energy, water, broadband වැනි සේවා සමාගම් සදහා බලපෑමක් කරන්නට යෝජනා වෙමින් ඇති බව සටහන් වෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ Covid pandemic තත්වය සමග ඇතිවූ මෙම ප්‍රවනතාවයන් තම වාසියට භාවිතාකරන්නට බොහෝ සමාගම් කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa