Google ආයතනය නිවේදනය කරන්නේ එලබෙන September 27 සිට December 2010 මුදාහල සංස්කරනයක් වන Android 2.3 සදහා Google Maps, YouTube, Gmail සහය දැක්වීම අවසන් වන්නට නියමිත බවයි. Google ආයතනය පැහැදිලි කරන්නේ ඉහතකී සේවාවල් වල ආරක්ශිත බව සහතික කරනු වස් තම පැරනි මෙහෙයුම් පද්ධති සදහා දක්වන සහය අවසන් කරන්නට වීම සාමාන්‍ය කාරනාවක් බවයි. Android 11 සමග සැසදීමේදී මෙම සංස්කරනයන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ලද දියුනු වීම් සමග නොසැසදෙන බව ඔවුන් පැහැදිලි කර සිටිනවා. February 2017 වන විට Google ආයතනය මෙම සංස්කරනය සමග වූ Google Pay contactless payments සේවාව නවතා දමන්නට කටයුතු කරනු ලැබුවා. හදාරන්නන් පවසන්නේ මේ වන විටත් මෙම මෙහෙයුම්පද්ධතිය සමග කටයුතු කරන උපකරන ඔස්සේ Google account වෙත පිවිසෙන්නට නොහැකිවීම අත්දකිමින් සිටින බවයි. මෙම මෙහෙයුම්පද්ධතිය භාවිතාකරන්නෙකුට තම භාවිතාව ඉදිරියට පවත්වාගෙන යාමට නම් Android 3.0 වෙත upgrade වීමට අවශ්‍ය වන අතර ඒ සදහා System > Advanced > System Update ඔස්සේ ඉදිරියට යාමෙන් හැකි වන අතර සමහර උපකරන සංස්කරන මේ සදහා සහය නොදක්වන්නේ නම් browser ඔස්සේ ඒවා වෙතට පිවිසිය හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa