Acer ආයතනය පවසන්නේ පසුගිය data breach එකක් ඔස්සේ තම document servers වලින් යම් දත්ත පැහැර ගැනීමක් සිදුව ඇති බවත් එය ආසන්නව 160GB ක තොරතුරු ප්‍රමානයක් බවත් එය ගොනු 2,869 ක ගොනු ප්‍රමානයක් බවත්ය. “Kernelware” නමින් හඳුනවන සයිබර් අපරාධ කන්ඩායමක් විසින් පැහැර ගත් මෙම දත්ත අළවියට යොමු කර ඇති බවට හෙලි වීමත් සමග මෙම පිලිගැනීම සිදුව ඇති බවටයි සටහන් වන්නේ. සයිබර් අපරාධ කරුවන් තම පැහැර ගැනීම තහවුරු කිරීම සදහා screenshots ද ප්‍රසිද්ධියට පත්කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.Acer වෙතින් තොරතුරු පැහැරගැනීමකට ලක්වන පලමු අවස්ථාව මෙය නොවන අතර 2021 මාර්තුවේද ransomware attack එකක් හරහා $50,000,000 ransom ඉල්ලීමකට ලක්වන ලදී එහිදී 60GB දත්ත පැහැරගැනීමකට ලක්වූ බවටද පසුව හෙලිවුනි.
Pubudu Siriwansa