හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය වසර සැලකීමේදී zero-day ආකාරයේ ප්‍රධාන දුර්වලතා භාවිතා වීම් 55ක් තමන්ට ගනනය වූ බවකි. ඔවුන් පවසන්නේ එය 2021 හා සැසදීමේදී අඩු අගයක් එනම් 88ක සිට පහතට ඒමක් දක්නට ලැනුනද තවමත් සැලකිය යුතු මට්ටමක වන බවකි. Microsoft, Google, Apple ලෙසට ප්‍රධාන ආයතනයන් සැලකීමේදී 18,10,9 ලෙසට ගනනය වන බවත් මෙන්ම මින් සමහර දුර්වලතා තවමත් නිවැරදිව පිලිසකර නොවී ඉදිරියට යාමක් දක්නටලැබෙන බවටත් ඔවුන් පැහැදිලි කරනවා. උදාහරනයක් ලෙසට Outlook වල හඳුනා ගෙන තිබූ zero-day දුර්වලතාවයක් පිලිසකර කරන්නට පසුගිට්ය සතියේ Microsoft ආයතනය කටයුතු කරන ලද අතර එය යුරෝපියානි රජයන් මෙන්ම ආරක්ෂක අංශ ඉලක්ක කරන්නට 2022 දී hacker group භාවිතකාකරන ලද්දක් ලෙසට සටහන් වෙනවා.
Pubudu Siriwansa