Facebook යනු ලොව ප්‍රමුකතම E-Platform එකක් ලෙස අවිවාධිතය. ලොව සමාජජාලා යුගයේ ස්වර්ණමය පරිච්ඡේදය තමන් නතුකරගන්නට එය සමත්විය. සරලව මිනිස් සබඳතා සදහා e සංස්කරණයකින් ඇරබි එය අද වන විට ව්‍යාපාරික, සමාජ, මෙන්ම දේශපාලණික මධය ලක්ෂයක් ලෙසට ඉදිරියට ගමන් කරමින් සිටී. පසුගිය කාලයේ එය තම සරල Text, Image හා Video යුගය පසුකරන බව සටහන් කරමින් “metaverse” නිවේදනය කලේය. එහි ප්‍රාතමික හඳුන්වාදීම්ද කරන ලදී. අද වන විට Facebook තම artifical intelligence models කරා යමින් සිටී. ඔවුන් නිවේදනය කරන්නේ තමන්ගේ AI වයාපෘති සදහා custom silicon chip සූදානම් කරමින් සිටින බවයි. එලබෙන AI යුගයේදීද තම ප්‍රමුකතාවය තහවුරු කරගන්නට අවශ්‍ය වන AI models සංක්‍රියකරවන්නට සමත් Meta Training and Inference Accelerator (MTIA) වැනි ව්‍යාපෘති සදහා සූදානම් වෙමින් සිටී. එහි ප්‍රකාශකයෙකු පවසන්නේ තමන් ඉදිකරමින් සිටින AI-optimized data center තුලදී හෙට දවසට නිමවන AI මිත්‍ර Facebook සංස්කරණය කඩිනමින් නිමවන්නට නියමිත බවකි. ඔහු පැහැදිලි කර සිටින්නේ ඊට අමතරව නිමවන AI supercomputers ඔස්සේ power augmented reality tools මෙන්ම real-time translation technology. වැනි වයාපෘති රාශියක් බවයි.
Pubudu Siriwansa