Online සෙවුම් කරනයේ Google ආධිපත්‍ය වෙතට Bing තවත් ආකාරයකින් අභියෝග කරන්නට සූදානම් වෙමින් සිටී. එනම් Microsoft විසින් ChatGPT නම් AI tech නැගුම Bing search engine සමග සංයුත්ත කරන්නට ගන්නා පියවර සමගයි. හදාරන්නන් යෝජනා කරන්නේ භාවිතාකරන්නෙකුට තම පරිගණකයේ සෙවුමක් සමග වන ගනුදෙනුව වඩාත් natural හා conversational වීමට කාලය පැමින ඇති බවයි. තවමත් මෙම Bing වල AI-driven search results පිලිබඳ අවසාන චිත්‍රයක් පැමින නැති වුවද ChatGPT පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ එය තොරතුරු සොයන්නෙකුගේ ස්වරූපයට වඩා වැඩි වැඩියෙන් තොරතුරු හදාරමින් හදාරමින් වඩාත් සාර්ථක තොරතුරක් නිර්මාණය කර දෙන්නට සමතෙකු ලෙසටයි. සරලවම පවසන්නේ නම් විශාල ගොණු සංක්‍යාවන් අතරින් වඩාත් සාර්ථකව ඔබේ සෙවීම තෘප්තිමත් කරන සෙවුම් පෙල ගෙනෙනවාට වඩා එය වඩාත් සාර්ථක පිලිතුරු නිර්මාණය කර දෙන්නට කටයුතු කරනු ඇති බවයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa