Bank cards තවමත් බහුතර භවිතාවේ තිබේ. හදාරන්නන් පවසන්නේ අප වර්ථමනයේ භාවිතාකරන ආකාරයේ කාර්ඩ් පත් මුලින්ම භාවිතයට පැමිනෙන්නේ 1950 දශකයේ බවයි. එසේ වුවත් magnetic stripe සහිත Card පත පැමිනෙන්නේ 1970 දශකය වන විට බවටයි හදාරන්නන් පවසන්නේ. සරලව සලකන විට මෙම magnetic stripe එක අදාල ගනුදෙනු කරුට පිලිබඳව තොරතුරු ගබඩා කරගෙන සිටිමින් එය භාවිතයේදී අනන්‍යතවය තහවුරුවට සහය වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම තොරතුරු ගනුදෙනු කරුගේ ID ය සමග සැසදීම මුල්ම කාලයේ සිදුවුව්ද මේ වනවිට ATM හෝ POS machine වලදී එම තොරතුරු online database එකක් සමග සැසදෙන බවටයි විස්තර කෙරෙන්නේ. ක්‍රමයෙන් භාවිතයට පැමිනි “cloning” වැනි අපරාධමය තත්වයන් සදහා විසඳුමක් ලෙසට Bank Card එකක වන printed information හා magnetic stripe එකට අමතරව කුඩා integrated circuit එකක් එයට සංයුත්ත කරමින් modern bank card පත පැමිනි අතර එයට chip card පත ලෙසට ද නම් කරන්නට පටන් ගන්නා ලදී. බැංකු කර්ඩ් පත ස්මාර්ට් වීම එතැනින්ද අවසන් නොවිනි. වර්ථමානයේ භාවිතා වන Contactless Cards නොහොත් NFC හැකියාව සහිත කාර්ඩ් පත් මෙයට හොඳම උදාහරණයයි. 2010 කාලයේ භාවිතයට පැමිනි මෙම Contactless cards ඔස්සේ ගනු දෙනුවකට එය POS machine හෝ ATM එකක් ආසන්නයට පමනක් ගෙන යාම සැහෙනු ඇත. හදාරන්නන් පවසන්නේ තවමත් මෙම තාක්ෂණය ලොවපුරා අත්හදා බැලෙමින්ද වන එකක් බවයි.
Pubudu Siriwansa