ඔබ දැනටමත් ද්විත්ව පුරවැසියෙකි. එනම් සාම්ප්‍රධායික පුරවැසිත්වයට සමාන්තරව විසල් සයිබර් අවකාශයේද පුරවැසිත්වයට එකතුවීමෙනි. ඔබ මේ ගැන සවිඥානික වුවද නොවුනද මේ නව පුරවැසිත්වය සාම්ප්‍රධායික ආකාරයෙන් වෙනස් එකකි. එතැනදී ඔබව නියෝජනය වන්නේ ඉලෙක්ට්‍රොනික ආකාරයකිනි. සැබෑවනම් එය රට, ජාතිය, ආගම වැනි සීමාවන් ඉක්මවන විසල් අවකාශයකි. දුර නැතිනම් කාලය වැනි සාම්ප්‍රධායික මිනිස් සංස්කෘතීන් වෙන් කල ප්‍රධාන සධක අවසන් කර දමා ඇති භාවිතාවකි. මෙහි වන බැරෑරුම් බව මෙතැනින් අවසන් නොවේ. මෙම අවකාශය අද වන විට “ඔබටත් වඩා ඔබව දන්නා” අයෙකු වෙමින් තිබේ. එනම් “ඔබ” නම් මානසික රටා, භෞතික රටා වේගයෙන් ග්‍රහනය කර ගනිමින් සිටී.
සයිබර් ආරක්ශිත බව නැතිනම් Cybersecurityය වැදගත් වීම ඇරබෙන්නේ මෙතැන් සිටය. එය අපට හුරු පුරුදු ආරක්ශිතවීම ට වඩා වෙනස් එකකි. ඉතා සරලව ඔබ දැනුවත්වම අන්තර්ජාලය මත තබන ඔබගේ අනන්‍යතාවයක් අනවශ්‍ය ලෙස නිරාවරනය වැලක් වීම, නැතිනම් ඔබගේ ඊමේල් ගිනුමට, සමාජජාලා ගිනුමට එබී බලන්නට බාදාකර තැබීම වැනි සරල තැනට සිට ඔබ නොදැනුවත්වම ඔබ සමග දෛනික දවස පුරාම ඔබනොබ යන, අධි සංවේධී නෙක සංවේධක රාශියකින් හෙබි තොරතුරු උපාංගය, ඔබ නොදැනුවත්වම ඔබ ගැන ‍රැස්කරගන්නට සූදානම් අපමනක් තොරතුරු පිලිබඳව දැනුවත්ව එය පාලනය දක්වා මහත් සංකීර්න බවක් ගනු ඇත. අවධානමේ තරම සරල වචන කිහිපයකට ගොනු කලහොත් මෙසේ කිව හැක. එනම් “ඔබ නොදන්නා ඔබේ තොරතුරු” ගැන පමනක් නොව, හෙට වන විට අද අප නොදන්නා ආකාර සදහා එම තොරතුරු සැකසීමද AI ආකාර සමග මේ වන විට සිදුවෙමින් ඔබව “හැක්” වීම වඩාත් සංකීර්න වෙමින් තිබේ.
Pubudu Siriwansa