බොහෝ සයිබර් අපරාධවල පදනම වන්නේ ඔබගේම දුර්වලතාවයන්වේ. එක් දෙසකින් ඔබගේ පෞද්ගලික අවකාශ සදහා නිසි සුරක්ෂිත බවක් නොතැබීම එහි මුලින්ම වන වරදයි. එනම් වඩාත් පොදු අවසර පද නැතිනම් අවසර පද සදහා පොදු හා බහුල යෙදුම් තබා තැබීම දැකිය හැක. අනෙක නම් ඔබට ආවේනික වූ පොදු භාවිතාවන් එනම් ඔබගේ දුරකථන අංකය , උපන්දිනය, වාහන අංකය භාවිතා කිරීම ගත හැක. තවත් විටක දෙවන පෙල ආරක්ෂක පියවරයන් අවධිකර නොතැබීම ගත හැක. එසේ එම පියවර අවධිකර තැබීම ඔස්සේ ඔබගේ ඔන්ලයින් අවකාශයකට පිවිසීමේදී අවසර පදයට අමතරව ඔබේ පෙර එකගවී ඇති ඔබගේ දුරකථන අංකයට එන යෙදුමක් හෝ දුරකථනයේ ඇප් එකක් ආශ්‍රයෙන් ලබා ගන්නා යෙදුමක් ඔස්සේ අදාල අවකාශයට පිවිසෙන්නට භාවිතාකරන්නට සිදුවීම ගත හැක.ඔබ අතින් සිදුවිය හැකි අනෙකුත් අතපසුවීම නම් එකම අවසරය පදය විවිධ අවකාශ සදහා භාවිතාකර තැබීම වනු ඇත. එවිට යම් දුර්වලතාවයක් ඔස්සේ එම අවසරය පද නිරාවරනය වූ විට එම අපරාධකරුවන්ට පහසුවෙන් ඔබගේ අනෙකුත් ගිණුම් වෙතට එබී බලන්නට පහසු වනු ඇත.
Pubudu Siriwansa