ඔබ ජංගම දුරකථනයක් මිළඳී ගැනීමේදී අවධානය යොමුකරන්නට අවශ්‍ය ප්‍රධාන කරුණු දෙයාකායකට විග්‍රහ වේ. එක් දෙසකින් ඔබ එම උපාංගය භාවිතාකරන්නට බලා පොරොත්තුවන ආකාරයට වඩාත් ගැලපෙන තාක්ෂණික නිමැවුම එක් දෙසකින් වේ. එහි ප්‍රමානයේ සිට තිරයේ ප්‍රමානය හා පැහැදිලි තාවය මෙන්ම අනෙකුත් භෞතික නිමැවුම එක් දෙසකින් වන අතර RAM ප්‍රමානය Storeage එකෙහි ප්‍රමානය තව දෙසකින් වේ. මෙම තාක්ෂණයන් ප්‍රමානයෙන් මෙන්ම බොහෝ විට වඩාත් නවීන ඒවා වන විට මිළ අතින්ද ඉහල අගයක් ගනීම සිදුවේ.
අනෙක් කාරනය වන්නේ එහි නිෂ්පාදිත වර්ෂය මෙන්ම මෙහෙයුම් පද්ධතිය සදහා හා අනෙකුත් යාවත්කාලීනයන් නිකුත් වන්නට නියමිත කාල පරාසය පිලිබඳව දැනුවත්වීම වේ. අද වන විට බොහෝ විටදී හුදු දුරකථන ඇමතුමකින් ඔබ්බට ගොස් අන්තර්ජාලය පිරිස්සීමෙන් නැතිනම් Youtube වැනි භාවිතාවන්ද ඉක්මවින් සමාජජාලාවල ඔබගේ අනන්‍යතාවය නඩත්තුකිරීම වැනි සීමාද ඉක්මවමින් ඔබගේ බැංකු ගිනුම නඩත්තුකිරීම බිල්පත් වැ ගෙවීම වැනි කටයුතුද කිරීම සදහා මේවා භාවිතාවන යුගයකදී ඔබ මිළදී ගන්නා උපකරනයේ මෙහෙයුම් පද්ධතිය මෙන්ම ඇප් ද හොඳින් යාවත්කාලීනව තිබීම පහසු, වේගවත්, ඒවා ගෙනැවිත් ඇති නවීන පහසුකම් භුක්තිවිඳින්නට මෙන්ම විශේෂයෙන් ආරක්ෂිතව එම කටයුතු කරගන්නට ඔබට වැදගත් වනු ඇත. ඒ නූව ඔබගේ අවශ්‍යතාවයන්ට වඩාත් ගැලපෙන මිළඳි ගැනීමක් සේම ඒම අවස්ථාවේදී වැඩි කලක් යාවත්කාලීන ලැබීම සහතික වන දුරකථනයක් ගැන අවධානය යොමුකිරීම වැදගත් වේ
Pubudu Siriwansa