අප සමාජ ජාලා යුගය පසුකරමින් සිටින්නෝ වෙමු. ඊමේල් යුගයෙන් පසු වඩාත් කේද්‍රීය ලක්ෂයක් ලෙසට සමාජජාලා යුගය සටහන් වෙමින් ඇති අතර නෙක ආකාර ගත් සමාජ ප්‍රවනතා මෙන්ම දුර්වලතා සටහන් කරන්නට එය කටයුතු කල ආකාරය අම මනාව අත්විඳ ඇත. සංකීර්න වන සමාජ ව්‍යුහයන් අතර වෙගයෙන් ඈත්වන සමාජ සබඳතා සදහා සමහර අවස්ථාවලදී එය ඔසුවක් ලෙසට මෙන්ම, එහි ආවේනික මෝස්තරය නිසාම ඉඩ ලැබෙන වයාජත්වය විසින් විනාශ කල ජීවිතද අපමන බව අප පිලිගත යුතුව ඇත. එහි ප්‍රාථමික යුගයේදී අපගේ වචන, ඡායාරූ, වීඩියෝවන් අපගේ නියෝජනය ඉලේක්ට්‍රොනික කරමින් සිටි එය අද වන වන විට අපගේ වර්චුවල් අනන්‍යතාවයක් දරන්නට කැමතිවෙමින් සිටී. පැමිනෙමින් ඇති AI යුගය මේ බව ත්වරනය කරන්න සූදානම් වනු ඇත, සැබැවින්ම ඔබ නියෝජනය කරමින් හෙට ඉදිවන වර්චුවල් මිතුරු සාදයට සහභාගී වන ඔබව වඩාත් සිතැගි පරිදි හසුරවමින් සංකීර්න නගරය මැද හුදකලා කුටියක මැදියම් ‍රැය වෙන තෙක් සිටින මිනිසා එය ඉල්ලා සිටින බව පෙනේ. තවත් විටක සතිඅන්තයේ හෝරා ගනන් වර්චුවල් වෙලඳ සැලවල් අතර ඔබ නොබ යමින් ඔබට වඩාත් ගැලෙපෙතැයි හැගෙන ඇඳුම් පැලඳුම් ‍තෝරමින් හා ඒවා හැඳ පැලඳ බලමින් කාලය ගත කරන ඔබ පමනක් නොව ඉහල විද්වතුන්ගේ හමුවන් වලට සහභාගී වෙමින් ඔබගේ දේශනය පවත්වන්නට එය ඔබගෙන් ඉල්ලා සිටිනු ඇත.
Pubudu Siriwansa