මෙය තොරතුරු උපාංග සමග කටයුතු කල යුතු ආකාරය ගැන කිය වෙන එක් කථාවක්ම පමනී.නැතිනම් සයිබර් අපරාධයකට උත්සාහ කිරීමක එක් කියවීමක් පමනී. එය මධ්‍යම මට්ටමේ ලැප්ටොප් පරිගනකයක් විය. පිලිගත් වෙළඳ නාමයක් යටතේ වූ එය ලංකාවේ පිලිගත් ජනංප්‍රිය වෙළඳ නමයක් යටතේ වන අලවි හලකින් මිළදී ගත් අළුත් උපාංගයක් බව සහතික කල එකක් විය. Windows 10 සමග පැමිණ තිබූ එය windows 11 සදහා සූදනම්, එය ඉල්ලා සිටින දෘඩාංග මට්ටම ‍රැගෙන විත් තිබූ නිසා ගැටළුවකින් තොරව නව මෙහෙයුම් පද්ධතියට පහසුවෙන් පිවිසෙන්නට හැකි වන්නේ වසරක් පමන එය ගෙනැවිත් තිබූ Windows 10 සමග කටයුතු කිරීමෙන් අනතුරුවය.
ගැටළුව ඇරබෙන්නේ එතැනිනි. එහි වන Webcam එක පාලණයෙන් තොර වන්නට විය. විටක එය අනවසරයෙන් අවධිවන අතර විටක අවශ්‍ය වුවද අවධිකල නොහැකි බවක් පෙන්වන්නට විය. මෙහෙයුම් පද්ධතියේ සැකසුම් ඔස්සේ සියල්ල විමසුවද , කැම් එකට අදාල මෘදුකාංග කොටස් නැවත ස්ථාපිත කිරීම ආදී සියළු උත්සාහයන් අසාර්ථක වන විට අමතර ආරක්ශක මෘදුකාංගයක පිහිට පතන්නට තීර්නය කෙරෙනි. අවසාන ප්‍රථිපළය වූවේ කැම් එක සම්පූර්ණයෙන් අක්‍රියව යාමයි. ගැටළුව හැදෑරීමකට ලක් කරන්නට විය.
අනාවරනය වූ කරුන වූවේ උපාංග සමග එන සමහර අමතර මෘදුආංක වල වන දුර්වලතා පහර දෙන්නන්ගේ පහසු ඉලක්කව තිබෙන බවයි. මෙහිදී කැම් එක ආක්‍රමනය ක්‍රන්නට මෙම මෘදු දුර්වලතාවය භාවිතව තිබී වෙත. භාවිතාකරන්නා නොදැන කැම් එක ක්‍රියාත්මක කරවමින් තොරතුරු ‍රැස් කිරීමත්, එයට බාදා විය හැකි සැකසුම් සහයක වන hot key වැනි දෑ අක්‍රිය කරන්නටත් එය කටයුතු කර තිබිනි. Reset මට්ටමින් අවසානයේ විසඳා ගන්නටසිදුවුනු එම ගැටළුව පැහැදිලි කර සිටින්නේ ඔබ කිසිවිටකත් නවතම තොරතුරු උපකරණයක් වුවත් සම්පූණයෙන් විස්වාසය තැබිය නොයුතු බවකි. Factory මට්ටමේ සිට, ඔබ මිළඳි ගන්න වෙලඳ සමාගම් මට්ටම පමනක් නොව, ප්‍රදර්ශනාගාර මට්ටමේදී පවා ඒවා නැවත නැවත සැලසුම් වෙනස් කිරීම් වලට ලක් විය හැක. ඒ ඔස්සේ ඔබ බලාපොරොත්තු වන genuine ස්වභාවයන් වෙනස් වී හානිකර මට්ටමට පහසුවෙන් පත්විය හැකි බවයි.
Pubudu Siriwansa