ආරක්ශිත බව අවසන් නොවන අභියෝගයකි. අවදියෙන් සිටීම පලමු හා හොඳම පියවර වනු ඇත. හදාරන්නන් ආරක්ශිත තොරතුරු භාවිතව අභියෝගයට ලක්ව ඇති බව පිලිබඳව බහුල ලක්ෂණ කිහිපයක් යෝජනා කරන්නට කැමති වනු පෙනේ. ඔවුන් මෙසේ පවසයි. ඔබගේ අවසර පදවල යම් වෙනසක් සිදුව ඇත්නම් කල්පනා කාරී වන්න. මක් නිසාද කීලොගර් වැනි උපංක්‍රමයක් ඔස්සේ ඔබගේ අවසර පද ඩැහැගෙන ඇත්නම් ඔවුන් ඒවා අත්හදා බලන්නට පටන් ගැනිම එය විය හැකි බවට යෝජනා කරයි. තවත් විටක Spam ආකාරයේ ඊමේල් ලැබීම වැඩිවී ඇත්නම් එනම් ඔබගේ පෞද්ගලික තොරතුරු විමසන ආකාරයේ ඊමේල් ලැබීම වැඩිවීමක් සිදුවන්නේ නම් කල්පනාකාරී වන්නට යොජනාකරන්නේ එය තොරතුරු සොරා ගැනීමක අවධානය ඔබ වෙතට ලැබී ඇති බවට සලකුනක් විය හැකි නිසාවෙනි. නිරන්තරයෙන් බගේ බැංකු ගිණුමේ තොරතුරු ගැන අවධානයෙන් සිටීම ඔස්සේ එහි අනවසර බැරවීම් පිලිබඳව පරික්ෂා කිරීම වැදගත් බවට යෝජනා කරන්නටද ඔවුන් ප්‍රධාන තැනක් දීමට අමතක නොකරයි. මීට අමතරව පරිගණකයේ වේගය අඩුවීම මෙන්ම බ්‍රවුසරයේ වේගය වෙනසක් වීම පිලිබඳවද නිරන්තර අවධානය වැදගත් වන්නේ පහර දෙන්නේකු විසින් අත්පත් කර ගැනීමක ලක්ෂණ ලෙසටද ඒවා ගත හැකි බැවිනි. ඒසේම POP-UPS පවසමින් ඔවුන් යොජනා කරන්නේ මේවා අස්වාභාවික ලෙස වැඩිවීම ද සාර්ථක පහරදීමක ලක්ෂණ විය හැකි බැවිනි.
Pubudu Siriwansa