ඔබේ පරිගණකයේ ආරක්ශිත බව දෙයාකාරයකින් පැහැදිලි කරගත හැක. එනම් උපාංගයක් ලෙසට දෘඩාංග මට්ටමේ සිට මෘදුකාංග ලෙසටය. අනෙක නම් ඔබේ භාවිතාවේ ආකාර අනූවය. තරමක අභියෝගයක් වුවද දෘඩාංග මට්ටම හැකි විටම ඉහල යාවත්කාලීන මට්ටමක තබා ගැනීම වැදගත්ය. අද වන විට මෘදුකාංග මට්ටමින්ම මේ බව ඉල්ලා සිටිම බහුලව දැකිය හැකිය. නවීනතම ආරක්ශිත අංගයන් බොහොමයක් වඩාත් නවීනතම දෘඩාංග පසුබිමක් ඉල්ලා සිටීම සදහා හොඳම උදා හරනය windows 11 සමග වෙයි. එනම් windows 11 ස්ථාපනයට අනිවාර්ය අංගයන් ලෙසට පරිගණකය සමග විට යුතු අංගයන් කිහිපයක් නම් කර ඇත. එපමනක් නොව ස්මාර්ට් දුරකථන මට්ටමේදීද Biometrics ආකාර සදහා සහය වන දෘඩාංග පහසුකම් එනම් ඉහල මට්ටමක Camera එකක සිට Fingerprints වැනි ආකාර සදහා සහය දක්වන බවක් ඉලා සිටීම සිදුවේ.
මෘදුකංග මට්ටමේදී හැකි හැමවිටම ස්ථාපිතව ඇති මෘදුකාංග යාවත්කාලීනව තබා ගන්නට වගබලා ගැනිම ඉතා වැදගත්ය. බොහෝ විටම මෘදුකාංග සදහා යාවත්ලබා දීමේදී හේතුවන ප්‍රධාන සාධක දෙකකි. එකක් දැනටම හඳුනා ගෙන ඇති එහිවන දුර්වලතා පිලිසකර කිරීමය. අනෙක නම් එම මෘදුකාංග භාවිතාවට නවාංග ‍රැගෙන ඒමය. හැකි හැම විට මෘදුකාංග තොරා ගැනීමේදී ඒවායේ නිළ සංස්කරණ තොරා ගැනීමත්, ඒවා ස්ථාපනයේදී නිළ ආකාරවලට එනම් එම නිකුතූන් කර ඇති ආයතනයන් පවසන ආකාරයන් වලට එකගව කටයුතු කිරීම වැදගත්ය. බොහෝ විට අනීතික ලෙසට මෘදුකාංග සංක්‍රිය කිරීමේදීම හානිකරද ස්ථාපනයට අවස්ථාවක් ලබා ගැනීම බහුලව දකිය හැක. මෙවන් බොහෝ අවස්ථාවලදී ගැටළුව හඳුනා ගන්නා විට භාවිතාකරන්නා අසරණවී හමාරය. තවත් වැදගත් කාරනයක් නම් තමන් ස්ථාපණය කරන මෘදුකාංග ඉල්ලා සිටින උපාංගයේ වන පහසුකම් හැසිරවීමට ඉල්ලා සිටීම් ගැන අවධනයෙන් සිටීමය. උදාහරනයක් ලෙසට කැමරාව, ශ්‍රව්‍ය සංවේධක ඇතුළු පහසුකම් එම මෘදුකාංගය හෝ ඇප් එක ඉලා සිටීම සධාරනද යන්නත් තවත් විටක ඔබ නොදැනුවත්වම එවන් අවසර ලබා ගෙන ඇත්දැයි සැලකිලිමත්වීම වැදගත්ය.
ඔබ කොතරම් නවීනතම උපාංගයක් සමග වුවත් සයිබර් අවකාශය සමග වන ගනුදෙනුවෙදී කල්පනාකාරී නොවී කටයුතු කිරීම මහත් ව්‍යසනයක් ගෙනෙන්නට කටයුතු කරනු ඇත. ඔබේ ඊමේල් ගිණුම, සමාජජාලා ගිණුම, බැංකු ගිණුම් වැනි බහුල භාවිතාවන් වලදී සයිබර් අපරාධ කරුවන් නිරන්තරයෙන් බලා සිටින්නේ ඔබගේ අතපසුවීමක්, නොසලකා හැරීමක් සිදුවෙන තෙක් විය හැක. ඒ ආකාර වලදී ඔවුන් භාවිතයට ගන්නේ මහත් සංකීර්ණ තාක්ෂණික උපංක්‍රම වෙනු වට සරල මිනිස් දුර්වලතාය, නැතිනම් නොමග යැවීම්ය. උදාහරණයක් ලෙසට ඔබගේ හොඳම මිතුරෙකු මිතුරියක ගෙන් වුවත් ලැබෙන අස්වාභාවික බවක් හැගෙන ඊමේල ගැන සැලකිලි මත් වීම වැදගත් වන්නේ ඒවා සැබැවින්ම පැමිනෙන්නේ දෘශ්‍යව අදාල ගිනුමෙන් වුවද ඒ වන විට එම ගිණුම දුරස්ථ සයිබර් අපරාධකරුවෙකුගේ ග්‍රහනයට පත්ව ඒ ඔස්සේ කරන මෙහෙයුමකින් විය හැක. තවත් විටක සමාජජාලාවකදී ඔබට හමුවන වසර ගනනාවකට පෙර සිටි හොඳ හිතවතෙකුගෙන් ලෙසට හැගෙන්නෙකු විය හැක. නැමුත් සැබෑවනම් ඒ පි‍ටුපස සිටින්නේ සයිබර් අපරාධ කරුවෙකු වන්නට වන සම්භාවිතාව ඔබ නොසලකා දැමියම යුත්තක් නොවේ. සාමාන්‍ය සමාජ භාවිතාවේදී ඔබ අනුගමනය කරන “සමාජ ඉව” මෙහිදී භාවිතයට ගැනිම ඉතා වැදගත් වන්නේ නිර්මානය වන්නට ඉඩ ඇති සයිබර් ගොදුරක් වීමේ අවස්ථාව ඒ ඔස්සේ මග හැරෙන්නට ඉහල ඉඩක් වන නිසාවෙනි.
Pubudu Siriwansa